
බෙල්ල කලු විම තරුණ තරුණියන් බෙහෙවින් අපහසුතවයට සිත්තැව්ලට පත්වන හෙතුවක්. ඉතින් අපි අද හිතුව ඒගැන කතා කරන්න. බෙල්ල කලු විම වෛද්‍ය විද්‍යාවේදි හදුන් වන්නෙ Acanthosis nigricans යනුවෙනි. මෙම තත්වයට බෙල්ල කලුවීම පමනක් අදල නොවන අතර සිරුරෙ ඕනම නැවුම් සහිත ස්ථානක සම කලු හා රලු වීම මෙම තත්වයට අදාලවේ.
මෙම තත්වය බොහෝ විට අැතිවෙන්නෙ මහත හො දෙවන වර්ගයෙ (Type 2 Diabetes) දියවැඩියවෙන් පෙලෙන අයගේය. තවද ශරිරයෙ හොමෝනවල වෙනස්කම් නිසාද මෙම තත්වය අතිවිය හකිය. උදාහරණයක් ලෙස කාන්තාවන්ගෙ ඩිම්බකෝෂවල වතුර බිබිලි අතිවිම නිසා ඇතිවන Polycystic Ovarian Syndrome, තයිරොයිඩ් ග්‍රන්තියේ හෝමෝන වෙනස් වීම් සදහන් කල හැක. සමහර බෙහෙත් වර්ගද (ප්‍රෙඩ්නිසිලොන් වැනි ස්ටිරොයිඩ සහ උපත්පාලන පෙති) මෙම තත්වයට හේතුවිය හැක. කලාතුරකින් සමහර පිලිකාවල ලක්‍ෂණයක් ලෙසද Acanthosis nigricans තත්වය දැකිය හැක. කිසිම හේතුවක් නොමතිව සමහරක් පවුල්වල සමාජිකයන් අතර මෙම තත්වය (Acanthosis nigricans) අවේණිකව අතිවිය හැක.
ඔබත් මෙම තත්වයෙන් පිඩා විදිනවාද? අපි බලමු කොහොමද මෙම තත්වයෙන් මිදෙන්නෙ කියල...
මෙම තත්වයට විශේෂිත ප්‍රතිකාර ක්‍රමයක් නැහැ. ඒත් අපට මෙම තත්වයට හේතුවන කරුනු වලින් වැළකි සිටිමෙන් මෙම තත්වයෙන් මිදෙන්න පුලුවන්. ඔබට කරන්න තියෙන්නෙ සුලු දෙයයි. ඒතමයි ශරීරසේ බර අඩු කර ගැනිම. මෙමගින් බොහෝ දෙනෙකුට මෙම තත්වයෙන් මිදෙන්න පුළුවන්. ඒත් ප්‍රශ්නෙ වෙන්නෙ කියෙන් කීදෙනාටද බර අඩු කරගන්න පුලුවන් වෙන්නෙ. ලංකාවෙ බොහෝ දෙනා බර අඩුකරගන්න හිතනව විතරයි. ක්‍රියාවෙන් කරන්න උත්සහ ගන්නෙ නැහැ. ශරිරයෙ බර අඩුකර ගැනිම ගැන අපි වෙන ලිපියකින් කියවමු.
තවද මෙම තත්වයට හෙතුවන ඔෟෂධ වර්ග ඔබ පානය කරයිනම් එම ඔෟෂධ ඔබගේ වෛද්‍යවරයා සමග සකචඡා කිරිමෙන් අනතුරුව නතර කිරිම හෝ මාරු කරගනිම සිදුකල යුතුයි. ඔබ කිසිසේකත් හිතුමතේ ඔෂධ වෙනස් කිරිම හෝ නතර කිරිම සිදුනොකල යුතුය.
ඔබ මෙම තත්වයට මුහුණ දුන් සම තදින් අැතිල්ලීම සිදුකරන්න හොද නැහැ. මොකද කියනවනම් එමගින් මෙම තත්වය තවත් වැඩි වෙන්න පුලුවන්.
මෙම තත්වය අපි සදහන් කල සරළ ප්‍රතිකාර ක්‍රම මගින් සුව නොවුනොත් ඔබ වෛද්‍ය වරයෙක් හමුවෙන්න අවශ්‍යයි. සමේරෝග විශේෂඤ වෛද්‍ය වරයෙක් නම් වඩා හොදය.
0 comments:
Post a Comment