නොඇලෙන සුළු පිසින භාජනවල (නන් ස්ටික් කුක් වෙයාර් / Non stick cookware) ටෙෆ්ලොන් පටලය” සීරි ගිය පසු පාවිච්චිය හොඳ නැහැ
බොහෝ ගෘහණියන් ආහාර පිසීම සඳහා දැන් යොදා ගන්නේ “නන් - ස්ටික්” භාජනය. මෙම භාජන මිලින් තරමලක් වැඩිඋනත් ඒ මඟින් සෞඛ්‍යයට ඇතිවන්නේ මහත් ප්‍රයෝජනයකි. එසේම වැඩි ගිනිදල්ලක ඉතා කෙටි කාලයක් තුළ ආහාර පිසින නිසා පෝෂක අහිමි වීම සිදුවන්නේද අඩු වශයෙනි. පෝෂක විශාල ප්‍රමාණයක් සහිත එහෙත් පිසින විට පහසුවෙන් විනාශවන එළවළු පිසීමට මෙම “නන්ස්ටික්” භාජන යොදා ගැනීම වඩා සුදුසුය.
ඉක්මනින් පිසීමට හැකිවිම නිසා කාලය, ශක්තිය හා බලශක්තිය ඉතිරි වෙයි. පිසීමේදී යෙදිය යුතු තෙල් ප්‍රමාණය අඩුවීම සෞඛ්‍යයට මෙන්ම ආර්ථික වශයෙන්ද වාසිදායකය.
එහෙත් මෙම “නන්ස්ටික්” භාජන අනෙකුත් භාජන වලට වඩා මිලෙන් වැඩිය. එසේම ඒවා නඩත්තු කිරීමද ප්‍රවේශමෙන් කළ යුතුය. “ නන් - ස්ටික්” පටලය නොසීරෙන ලෙස මෘදු පිරිසුදුකරන ක්‍රියාවලියක් අනුගමනය කළ යුතුය. පිසීමේදී භාවිතා කළ යුත්තේ ප්ලාස්ටික් සහ සිලිකන් වලින් සැදු හැදි උපකරණයි.
මෙම භාජනවල අැති අවාසියක් නම් කෙතරම් හොඳින් භාවිතා කළත් ආයුෂ අවුරුදු 3 -4 කට සීමාවෙයි. “නන්ස්ටික් ටෙෆ්ලොන් පටලය” සීරි ගිය පසු මෙම භාජන ඉවත් කළ යුත්තේ පටලයට යටින් ඇති ලෝහමය ද්‍රව්‍ය තුළින් විෂ රසායනික ආහාරයට එක්විය හැකි බැවිනි.
ආහාර නැවත රත්කිරීම වැනි කාර්‍යයකට මේ භාජන නුසුදුසු වන්නේ අඩිය ඇල්ලීම නිසා “නන්ස්ටික්” පටලයට හානි විය හැකි බැවිනි.
Home / පුවත් (News) /
රෝග /
විශේෂාංග (Articles)
/ නොඇලෙන සුළු පිසින භාජන (නන් ස්ටික් කුක් වෙයාර් / Non stick cookware) භාවිතයෙදි පරිස්සම් වෙමු..
Subscribe to:
Post Comments
(
Atom
)

0 comments:
Post a Comment