රුධිර පීඩනය මනින්න සූදානම් වෙමු. How to prepare for Blood Pressure Test

රුධිර පීඩනය මනින්න සූදානම් වෙමු. How to prepare for Blood Pressure Test

How to prepare for Blood Pressure Test

බොහෝ වෙලවට අපි රුධිර පීඩනය (Blood Pressure) මනින්නෙ කිසිම සුදානමක් නැතිව. එත් එමගින් වැරදි අගයක් ලැබෙන්නෙ. බොහෝ වෙලවට වැඩි අගයක්. ඉතින් ඒ නිසා ඔබට, ඔබේ දෙමව්පියන්ට අනවශ්‍ය ලෙස බෙහෙත් බොන්නට සිදුවෙනවා. ඒ නිසා අද අපි දැනගන්නට යන්නෙ කොහොමද නිවැරැදි ලෙස රුධිර පීඩනය (Blood Pressure) මනින්න සුදනම් වෙන්නේ කියලයි.

  1. රුධිර පීඩනය (Blood Pressure) මනින්න පෙර ඔබ අඩුම තරමින් විනාඩි 5ක් වත් විවේකීව සිටීම වැදගත්. ඔබ ඔබේ වාරය එන තෙක් වාඩිවී විවෙකයෙන් ඉන්න ඔනෙ.
  2. ඔබ සැහැල්ලු අත් කොට ඇදුමකින් සැරසිය යුතුයි.
  3. රුධිර පීඩනය (Blood Pressure) මනින්න විනාඩි 30 කට පෙර සිට දුම් පානයෙන්, බුලත්විට කැමෙන්, කොපි පනයෙන් හා මද්‍යසාර (Alcohol) පානයෙන් වැළැකී සිටිම අවශ්‍ය.
  4. ඔබට මුත්‍රා පහ කීරිමට අවශ්‍යතාවය ඇතිවිටක ඔබෙ රුධිර පීඩනය මනින්න හොද නැහැ. එම අවස්ථාවලදී රුධිර පීඩනය වැඩියි. ඒ නීස ඔබ රුධිර පීඩනය (Blood Pressure) මනින්න පෙර මුත්‍රා පහකර තීබිම වැදගත්.
  5. රුධිර පීඩනය මනින්න අවස්ථාවෙදි ඔබ වෛද්‍යවරයා සමඟ කතා කරන්න එපා.
  6. ඔබ පුටුවට හේත්තුවී කොන්ද කෙලින් තබාගන්න.
  7. ඒ වගේම අත මිට මොලවගෙන ඉන්න එපා. අත සැහැල්ලුවෙන් මේසය මත තබා ගන්න.
  8. කකුල් එක මත එක පටලවාගෙන ඉන්න එපා. එමගින් රුධිර පීඩනය සඳහා වැඩි අගයක් ලැබෙනවා. කකුල් නිදහසේ බිම ගැවෙන ලෙස තබාගන්න. 

Share on Google Plus

About suwasiri.lk

0 comments:

Post a Comment