ගැබ්ගෙල පිළිකාව වළක්වා ගනිමු. Prevention of Cervical cancer

ඔබව, ඔබේ ආදරණියන්ව මියැදෙන්න ඉඩදෙන්න එපා.
ගැබ්ගෙල පිළිකාව වළක්වා ගනිමු.

Prevention of Cervical cancer
ගැබ්ගෙල (Cervix) කියන්නේ මොකක්ද?

ගැබ්ගෙල යනු යෝනිමාර්ගය හා ගර්භාෂය අතරමැද පිහිටා ඇති ඉන්ඳ්‍රියකි.

ගැබ්ගෙල පිළිකා (Cervical Cancer) කියන්නේ මොකක්ද?

පිළිකාවක් කියන්නේ අපේ ශරිරයේ තියෙන සෛල අසාමාන්‍ය ලෙස පාලනයකින් තොරව බෙදීමට ලක්වෙලා වැඩෙන්න පටන්ගන්න එක. ඉතින් ගැබ්ගෙල පිළිකාවක් කියන්නේ මම අර කලින් කියපු ගැබ්ගෙලෙහි සෛල අසාමාන්‍ය ලෙස වර්ධනය වීම.

ඕකට ඔච්චර බයවෙන්න ඕනද?

ගැබ්ගෙල පිළිකාව කියන්නේ ලංකාවේ කාන්තාවන්ට හැදෙන පිළිකාවලින් දෙවනියට සුලභ පිළිකාව.සෑම වසරකම ලංකාවේ කාන්තාවන් 1000ක් පමණ මෙම පිළිකාවට ගොදුරු වෙනවා. වැදගත්ම කාරණය තමයි මෙම පිළිකාව මුල්කාලයේම අදුරගෙන ප්‍රතිකාර නොකලොත් මේ පිළිකාව ගොඩක් නරක ප්‍රතිඵල ගෙන දෙනවා. හැබැයි වාසනාවකට මෙම පිළිකාව හැදෙන එක වළක්වගන්නත් , මුල් අවධියේම අදුනගත්තොත් සම්පුර්ණයෙන්ම හොදකරන්නත් පුළුවන්.

කොහොමද මෙම ගැබ්ගෙල පිළිකාව හටගන්නේ?

මෙම පිළිකාවේ ප්‍රධානම සාධකයක් විදියට හදුනාගෙන තියෙන්නේ Human papilloma virus (HPV) කියන වෛරසය. මෙම වෛරසය සමාජයේ ඉතා සුලභව දකින්න තියෙන වෛරසයක්.ඒක කාන්තාවන්ට ලිංගික ජීවිතය ආරම්භය ( ඒ කියන්නේ ලිංගිකව එකතුවෙන මුල් අවස්ථාව )සමග ආසාධනය වෙන්න පුළුවන්. එම වෛරසය ගැබ්ගෙලෙහි අසාධනය වීම නිසා ගැබ්ගෙලෙහි සෛලවල වෙනස්කම් හටගන්නවා දීර්ඝකාලීනව මෙම වෙනස්කම් පැවතීම නිසා මම කලින් කිව්වා වාගේ අසාමාන්‍ය ලෙස සෛල වර්ධනය වෙලා පිළිකාවක් හටගන්නවා.

කාටද ගැබ්ගෙල පිළිකාවක් හැදෙන්න වැඩි අවධානමක් තියෙන්නේ?

  • Human papilloma virus (HPV) අසාදිත කාන්තාවන්ට,
  • අඩුවයසින් ලිංගික ජීවිතය ඇරඹු කාන්තාවන්ට ,
  • බහුපුරුෂ සේවනයේ යෙදෙන කාන්තාවන්ට , 
  • බහුස්ත්‍රී සේවනයේ යෙදෙන පුරුෂයන් සමග ලිංගික සම්බන්දතා ඇති කාන්තාවන්ට,
  • ප්‍රතිශක්තිකරණය අඩු හෝ ප්‍රතිශක්තිය අඩුකරන බෙහෙත් ගන්නා කාන්තාවන්ට ,
  • අක්‍රීයව හෝ සක්‍රීයව දුම්පානය කරන කාන්තාවන්ට ,
  • ලිංගිකව බෝවෙන රෝග සැදී ඇති කාන්තාවන්ට ,
  • දීර්ඝකාලීනව උපත්පාලන ගිලින පෙති භාවිතාකරන කාන්තාවන්ට ,
මෙතැනදී අපි සදහන්කලේ වැඩි අවධානමක් ඇති අය ගැන ඉතින් මේක කියවලා මට අවධානමක් නෑනේ කියලා හිතන්න එපා. හැම කාන්තාවකටම ගැබ්ගෙල පිළිකාවක් හැදෙන්න අවධානමක් තියෙනවා අඩු හෝ වැඩි වශයෙන්.

ගැබ්ගෙල පිළිකාවක (Cervical Cancer) මුලික රෝග ලක්‍ෂණ මොනවද?

  • යෝනිමාර්ගයේ අක්‍රමවත් රුධිර වහනය වීම.
  • ලිංගික සංසර්ගයකට පසුව රුධිරය වහනය.
  • මාස්ශුද්ධිය නතර වූ කාන්තාවන්ගේ යෝනිමර්ගයෙන් රුධිරය පිටවීම.
  • යෝනිමර්ගයෙන් අධික දුර්ගන්ධයක් යුත් ශ්‍රාවයන් /දියරයක් පිටවීම.
නමුත් මෙම රෝග ලක්‍ෂණ ඇති වෙනකන් සිටීම එච්චර නුවනට හුරු නෑ. මෙම රෝග ලක්‍ෂණ ඇති වෙන්නෙ පිලිකාව දරුණු තත්වයට පත්වුනාම. එතකොට පරක්කු වැඩි වෙන්න පුලුවන්. අපි ගැබ්ගෙල පිළිකාව මුලින්ම හදුනාගැනීම වැදගත්.

ඒ කොහොමද?

ගැබ්ගෙල පිළිකාවට (Cervical Cancer) පුර්ව පිළිකා අවධියක් කියල කාලයක් තියෙනවා. ඒ කාලයේදී පැප් පරීක්‍ෂණයක් ( Pap smear test) මගින් මෙය හදුනාගන්න පුළුවන්. පැප් පරීක්‍ෂණය (Pap smear test) කියන්නේ ගැබ්ගෙලෙහි මතුපිට තියෙන සෛල නියැදියක් අරගෙන එක අන්වීක්‍ෂයෙන් පරික්‍ෂාකර බැලීම. මෙය ඉතා සරල විනඩි 2-3 ක් පමණක් ගතවන වේදනාවෙන් තොර පරික්‍ෂාවක්. මෙම පරීක්‍ෂණයට සහභාගී වෙන්න ඕන මාසික ශුද්ධිය (menses) නොමැති දිනයක හා අවසාන ලිංගික සංසර්ගයෙන් පැය-24 කටවත් පසුවය.
Pap smear test in Sri Lanka
Add caption

පැප් පරීක්‍ෂණයට (Pap smear test) යොමුවිය යුත්තේ කවුද?

වයස අවුරුදු 35ට වැඩි ලිංගික සම්බන්ධතාවක් පැවැත්වූ කාන්තාවක්.
වයස අවුරුදු 65 වන තෙක් මෙම පරීක්‍ෂණය ඔබ සෑම වසර 5කට වරක්ම Pap smear test සිදුකරගත යුතුය.



පැප් පරීක්‍ෂණයට යොමුවිය හැක්කේ කොහොමද? (Pap smear test in Sri Lanka)

  • සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්‍යාලයේ (MOH) හා රජයේ රෝහල්වල පවත්වන සුවනාරී සායනයන්,
  • මහරගම පිළිකා රෝහල.
  • පිළිකා කලින් හදුනාගැනීමේ ජාතික සායනය. (නො.516 , ඇල්විටිගල මාවත , නාරාහේන්පිට )
  • පෞද්ගලික රෝහල් මගින්,

පැප් පරීක්ෂණයට (Pap smear test) අමතරව ඔබට ගැබ්ගෙල පිළිකා වලින් වැළකීසිටින්නේ කොහොමද?

Human papilloma virus (HPV) අසාධානයෙන් වැළකී සිටින්නට පුලුවන්නම් අපිට මෙම පිළිකාවෙන් බොහෝ දුරට වැළකිසිටින්නට පුළුවන්. වර්තමානයේ ජනප්‍රිය වෙමින් පවතින තවත් සාර්ථක ක්‍රමයක් තමයි Human papilloma virus vaccine එන්නත ලබා ගැනීම. මෙමගින් Human papilloma virus (HPV) අසාධනය වීමෙන් ඔබව රැකගන්නවා. මෙම එන්නත (Human papilloma virus vaccine) වඩා සාර්ථක වන්නේ ලිංගික ජීවිතය ආරම්භයට පෙර ලබාගැනීමෙන්.ඒ කියන්නේ අවුරුදු 9න් පසු මෙම එන්නත ලබාගන්න පුළුවන්. එහෙනම් ඔබ මෙන්ම ඔබේ දියණියටත් මෙම එන්නත ලබා දෙන්න ඕන. මෙම එන්නත මස 6 කාලසීමාවක් තුළදී මාත්‍රා 3කින් ලබාදෙනව. මෙම එන්නත දැනට ශ්‍රී ලංකාව තුල රාජ්‍ය ආයතනවලින් ලබාගන්න බැහැ. නමුත් පෞද්ගලික එන්නත් ලබාදෙන ආයතනයකින් ඔබට මෙම එන්නත ලබාගන්න පුළුවන්.
  • විවාහය තෙක් ලිංගික සම්බන්දතා පමාකරන්න. 
  • ඔබගේ ලිංගික ජීවිතය විශ්වාසවන්ත එක් සහකරුවෙකුට සිමා කරන්න. 
  •  අනාරක්‍ෂිත ලිංගික ඇසුරකදී උපත්පාලන කොපු භාවිතා කරන්න. සැ.යු. - උපත්පාලන කොපු මගින් Human papilloma virus අසාධනය සම්පුර්ණයෙන් වළක්වන්නේ නැත.
මෙම ක්‍රම මගින් ඔබට ගැබ්ගෙල පිළිකා (Cervical Cancer) අවධානම අඩු කරගත හැකිවුවද ඔබ අවුරුදු 35න් පසු අවුරුදු 5කට Pap පරීක්ෂාව සිදුකර ගැනීම ඉතාම වැදගත්.                 
Share on Google Plus

About suwasiri.lk

0 comments:

Post a Comment