කිසිඳු ප්‍රතිකාරයක් නැතිවිට HIV ආසාදිත මවකගෙන් දරුවාට HIV බෝවීමට ඇති හැකියාව 40% ක් පමණ වේ. එනම් ගර්භනී සමයේදී 25% පමණ වන අතර මාස 18 කට වඩා කාලයක් මව්කිරි දීමේදී එම හැකියාව තවත් 15% කින් පමණ වැඩිවේ. එසේ හෙයින් කිසිම ප්‍රතිකාරයක් නැතිවිට ආසාදනය නොවූ දරුවෙකු බිහිවීමේ හැකියාව 60% වේ.
නමුත් පහත ප්රතිකාර ලබාදීම මගින් අසාදනය නොවූ දරුවෙකු බිහි කිරීමේ හැකියාව 98% දක්වා වැඩි කරලීමට හැකි වේ.

1. අසාදිත මවට ප්රති වෛරස ප්රතිකාර ලබාදීම (Antiretroviral Therapy)
2. සීසර් ශල්ය කර්මයකින් දරුවා බිහිකිරිම (Delivery by caesarean section)
3. දරුවාට සති හයක් පමණ ප්රති වෛරස ප්රතිකාර ලබාදීම (Antiretroviral prophylaxis)
4. මව් කිරි වෙනුවට පිටි කිරි ආදේශ කිරීම (Formula feeding)

ඉහත ප්‍රතිකාර ක්‍රම සමග HIV ආසාදිත මවකට නිරෝගී දරුවෙකු බිහිකිරීමේ හැකියාව 98% කි.
නමුත් ලංකාවේ හෝ වෙනත් කිසිම තැනකවත්, දරුවෙකු මව විසින් හදා -වඩා ගැනීමේදී HIV බෝවී ඇති බවට වාර්තා වී නැත. එම නිසා දරුවා මවගෙන් වෙන්කර තැබීම කිසිවිටකත් නිර්දේශ නොකරයි.

HIV හා ලිංගිකවබෝවනරෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය අජිත් කරවිට

0 comments:
Post a Comment