ඔබේ
හා ආදරණියයන්ගේ ජිවිත බේරගන්න විනාඩි 5ක් වැයකර මෙම ලිපිය කියවන්න.
ඩෙංගු මාරාන්තිකයි. Dengue – The killer.
ඩෙංගු රකුසා අපේ ආදරණියන්ගේ ජිවිත එක එක බිලිගන්නා
කාලයක ඔබේ වගේම ඔබේ ආදරණියන්ගේ ජිවිත ඩෙංගු මාරයාගෙන් රැකගන්න ඔබට කරන්න පුළුවන්
දේවල් බොහෝයි. ඩෙංගු රකුසාගෙන් ඔබේ ජිවිත බේරාගන්නේ කොහොමද කියල දැනුවත් කරන්නයි
මේ ලිපිය ලියන්නේ. ඩෙංගු රෝගය ගැන කෙටි හැදින්විමකුයි, ඩෙංගු හැදෙන එක වළක්වා
ගන්න විදියයි, ඩෙංගු හැදුනොත් කරන්න ඕනේ මොනවද කියලයි අපි මෙම ලිපියෙන් කතා කරමු.
ඩෙංගු කියන්නේ වෛරස ආසාදනයක් මගින් හටගන්නා
ලෙඩක්. Aedes
Aegypti හෝ Aedes Albopictus යන මදුරුවන් දෂ්ඨකිරීම මගින් ඩෙංගු පැතිරෙනවා.
ඩෙංගු පතුරවන මදුරුවන්ගේ රුප රාමු.
මෙම මදුරුවන් බෝවෙන්නේ පිරිසිදු වතුර රැදුනු
ස්ථානවල. ඒ වගේම මේ මදුරුවන් දෂ්ඨ කරන්නේ දවල් (උදෑසන හා සවස) කාලයේදීයි.
ඩෙංගු පතුරවන මදුරුවන්ගේ රුප රාමු.
![]() |
| Aedes aegypti |
![]() |
| Aedes albopictus |
ඩෙංගු කියන්නේ මාරාන්තික රෝගයක්. සමහර වෙලාවට කෙතරම් හොදට ප්‍රතිකාර කලත් ජීවිතය ගලව ගන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් වැදගත්ම දේ තමයි හැදුනට පස්සේ ප්‍රතිකාර ගන්නවට වඩා ඩෙංගු වළක්වා ගැනීම.
ඩෙංගු වළක්වා ගන්න තියෙන හොදම ක්‍රමය තමයි මදුරුවන් බෝවෙන ස්ථාන විනාශ කිරීම.
- ඉතින් අපිට පිරිසිදු වතුර එක්රැස්වෙන ස්ථාන නිවස අවට, රැකියා ස්ථානයේ , පාසලේ තියෙනවා නම් ඒවා ඉවත් කරන්න ඕන.
- ඒ වගේම මල් පෝච්චි වල තියෙන වතුර නිතර මාරු කරන්න වගේම ඒවාට ලුණු මිශ්‍ර කරන්න පුළුවන්.
- අද ලෝකයේ විශාල වශයෙන් අවදානය යොමු වී තිබෙන කාරණයක් තමයි කසල කළමනාකරණය. ඒ කියන්නේ කසල නිසියාකාරව බැහැර කිරීම. තැන තැන දාන පොලිතින් , ප්ලාස්ටික් , ටින් , පොල්කෝම්බ ඩෙංගු මදුරුවන්ට බෝ වෙන්න හොද තෝතැන්නක්. ඉතින් ඒවා නිසියාකාරව බැහැර කරන්න ඕන.
- වැහිපිලිවල ජලය එක්රස්වෙන්නේ නැති විදියට ඒවා හොදට පිරිසිදු කරන්න ඕන.
සරලව කිව්වොත් අපි ජිවත් වෙන වටපිටාව හොදට
පිරිසිදුව පිළිවෙලකට තියාගන්න ඕන.
ඩෙංගු වළක්වා ගන්න පුළුවන් තවත් ක්‍රමයක් තමයි මදුරු දෂ්ටනය වලක්වන එක.
- ඩෙංගු මදුරුවා දෂ්ඨ කරන්නේ දිවා කාලයේදී ඉතින් අපි රෑට නිදා ගනිද්දීනම් මදුරු දැල පාවිච්චි කරනවා. ඒත් කියෙන් කි දෙනාද දවල්ට මදුරු දැල් පාවිච්චි කරන්නේ. ඔබ දිවා කාලයේදීත් නිදාගන්නවා නම් අනිවාර්යෙන්න්ම මදුරු දැලක් භාවිතය හෝ මදුරු විකර්ශකයක් භාවිතය වැදගත්.
- නිදගත්දී විතරක් නෙමෙයි දිව කාලයේ රාජකාරි කරන විට පාසලේදී මදුරු දෂ්ඨනය වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක මදුරු දෂ්ඨනයෙන් බේරෙන්න සැමට හානිකර නොවෙන මදුරු විකර්ෂක ඖෂධයක් ආලේප කරගන්න පුළුවන්.
- තව දෙයක් කළු පාටට හුරු අදුරු පැහැ ඇදුම් ඇන්දොත් ඔබ මදුරු දෂ්ඨනයට ලක්වෙන ඉඩකඩ වැඩියි.
හදිසියෙන් හරි අපිට ඩෙංගු හැදුනොත් කොහොමද අපි
කලින් ඩෙංගු රෝගය අදුරගන්නේ.
ඩෙංගු රෝගයේ රෝග ලක්ෂණ ( Symptoms Of Dengue Fever )
- තද උණ
- හිස අමාරුව
- ඇගපත වේදනාව
- ඔක්කාරය හෝ වමනය
- සමෙහි රතු පැහැ පැල්ලම් හට ගැනීම
උණ
සමග ඉහත රෝග ලක්ෂණ තියෙනවනම් ඔබ ඉක්මනින්ම වෛද්‍යවරයෙක්ව හමුවීම වැදගත්. ඒ වගේම
තමයි දින දෙකකට වඩා උණ පවතිනවා නම් වෛද්‍යවරයෙක්ව හමුවෙන්න.
ඔබට ඩෙංගු උණ කියලා සැක කලොත්
- ඔබ ඇද විවේක ගැනීම ඉතා වැදගත් පාසල් දරුවන්ව පාසල් නොයවා ගෙදර විවේක ගන්නවන්න ඕන.
- නියමිත ප්‍රමාණයට දියර වර්ග පානය කරන්න. වැඩිහිටියන් සදහා දිනකට දියර ලීටර් 2 – 2 ½. ළමයින් සදහා ශරීර බරට අනුව දියර ලබාදිය යුතුය.
- දියර මැනීම සදහා නිසිලෙස ක්‍රමන්කනය කරන ලද කෝප්පයක් භාවිතා කරන්න.
- සැහැල්ලු පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා ගන්න. අර්ධ සහ සැහැල්ලු ආහාර ලබාගන්න.
- විශාල ආහාර වේල් වෙනුවට කුඩා ආහාර වේල් කිහිපයක් ලබා ගන්න.
- වමනය සහ ඔක්කාරය වැලක්වීමට අධික තෙල් සහිත ආහාර ගැනීමෙන් වළකින.
- රතු සහ දුබුරු පැහැති ආහාර හා දියර වර්ග පානයෙන් වළකින්න.
- තේ කහට , කෝපි , තද පාට බීම වර්ග , මාමයිට් , බීට් රෑට් , දම් පැහැ මිදී.
- සාමාන්‍යයෙන් ජලය පානය වෙනුවට මෙවැනි දියර වර්ගයක් යොදාගැනීම වඩාත් යෝග්‍යය.
- නැවුම් පලතුරු යුෂ , කැද වතුර , තැබිලි , සුප් , ජිවනි
- උණ සමනය කිරීමට නියමිත මාත්‍රාවෙන් පැය හයකට වරක් පැරසිටමෝල් ඖෂධය ලබා දෙන්න.
- වෙනත් වේදනා නාශක ඖෂධ ඇස්පිරින් , මෙෆෙනමින් ඇසිඩ් , ඉබියුප්‍රෝෆන් භාවිතයෙන් වළකින්න .


0 comments:
Post a Comment