Chicken Pox / පැපොල

Chicken Pox / පැපොල

හැදින්වීම

            පැපොල යනු varicella-zoster වෛරසය අසාදනය නිසා හට ගන්නා රෝගයකි.අප ජනප්රවාදය තුල මෙම රෝගය දෙයියන්ගේ  රෝගයක් ලෙස හැදින්විමද සිදු කෙරේ.
            පැපොල රෝගය වැළදුනු රෝගියෙකුගෙන් මෙම රෝගයට කලින් ගොදුරු නොවූ රෝගියෙකුට හෝ කලින් Chicken Pox එන්නත ලබා නොගත් රෝගියෙකුට මෙම රෝගය ඉතා පහසුවෙන් ආසාදනය විය හැක. මෙය ස්පර්ශය මගින් මෙන්ම වාතය මගින්ද බොවීම සිදුවේ. ඇගෙහි බිබිලි ඇතිවිමට දින දෙකකට පෙර සිට සියලු බිබිලිවල කබොල්ල සෑදෙන තුරු රෝගියෙකු රෝගවාහකයෙකු (පතුරන්නෙකු) ලෙස ක්රියා කරයි.
            අතීතයේ යෞවන වයසට එළඹීමට පෙර බොහෝ පිරිසකට මෙම රෝගය වැළදුනද අද වනවිට සෞඛ් ක්ෂේත්රයේ දියුණුවත් සමග මෙම රෝගය වැළදෙන පිරිස ක්රමයෙන් අඩු වී ඇත.එයට ප්රධාන සාධකයක් ලෙස ප්රචලිත වෙමින් පවතින පැපොල (Chicken pox) එන්නත හදුන්වාදිය හැක.

රෝග ලක්ෂණ :-

  • පැපොල රෝගය සාමාන්යයෙන් දින 5-10ක් පමණ කාලයක් පුරා පවතී.
  • ඇගෙහි ඇති බිබිලි මෙහි ප්රධාන ලක්ෂණයයි.
chicken pox sinhala papola

අනෙක් රෝග ලක්ෂණ :-
  • උණ
  • හිසරදය
  • කෑම අරුචිය
  • ඇග පත වේදනාව හා ඇගට පන නැති ගතිය
  සාමාන්යයෙන් මෙය බරපතල රෝගයක් නොවෙයි. එහෙත් සමහරවිට මෙය දරුණු අතට පත්විය හැක. එම අවස්ථාවේදී මෙම බිබිලි මුළු ඇග පුරාම මෙන්ම උගුරේ, මුත්රාමාර්ගයේ, යෝනිමාර්ගයේ, ඇසෙහිද ඇතිවිය හැක.
            මෙම රෝගය බරපතල තත්වයට පත්විය හැකි හා සංකුලතා ඇතිවිය හැකි පිරිස හදුනාගැනීම වැදගත්වේ.

කව්රුන්ද ඔවුන් ,

  • කුඩා ළමුන් (විශේෂයෙන් අවුරුද්දට අඩු)
  • ගර්භනී මවුවරු
  • වියපත් පුද්ගලයන්
  • ශරීරයේ ප්රතිශක්තිය අඩු පිරිස්
  • සමහර ඖෂධ ලබා ගන්නා රෝගීන් ( උදා : පිළිකා , ඒඩ්ස් රෝගීන්)

පැපොල (chicken pox) රෝගයේ සංතුලනාත මොනවද?

  • නිව්මෝනියාව
  • මොළේ උණ
  • බැක්ටිරියා අසාදන

ප්රතිකාර  :-

  • මෙම රෝගයට Acyclovir නම් විශේෂිත ඖෂධ ඇති අතර ඔබට සුදුසුකම් සහිත වෛද්‍යයවරයකුගෙන් එම ඖෂධ ලබාගත හැක.
  •  තවද උණ,හිසරදය සදහා පැරසිටමෝල් අඩංගු ඖෂධයක් ලබාගත හැක. 

සැලකිය යුතුය,

  • ශරීරය මතුපිට ඇති බිබිලි කිසිසේත් කැසීම නොකළ යුතුය.එමගින් සමේ කැළැල් ඇතිවීම සිදුවිය හැකි අතරම තුවාල වලට විෂබීජ ඇතුල්විය හැක.
  • ඔබේ දරුවාට කැසීම නවතා ගැනීමට නොහැකිනම් දරුවාට අත්මේස් පැළදවිම සිදුකල හැක. තවද දරුවාගේ නියපොතු කොටට කපන්න.
  • සම මතුපිට ඇති ලප මත කැලමයින් ආලේපනය ආලේප කිරීම කැසීම හා අපහසුතාවය අවම කර ගැනීමට උපකාරීවේ.
  • සමෙහි කැසීම තවදුරටත් අවම කර ගැනීම සදහා ඖෂධ ඔබගේ වෛද්යවරයාගෙන් මගින් ලබාගත හැක.
  • පැපොල සැදුනුවිට ඇස්ප්රින්(Asprin) අඩංගු ඖෂධ ලබාදීමෙන් වළකින්නඑමගින් Reye's Syndrome නමැති දරුණු තත්වය හටගත හැක.


පැපොල රෝගය වළක්වා ගන්නේ කෙසේද?

            පැපොල රෝගය සදහා ඇති ප්රතිශක්තිකරණ එන්නත් මගින් පැපොල රෝගය සැදීම වළක්වාගත හැක. සමහරක් විට එන්නත් ලබා ගත්තද රෝගය වැළදීමට ඉඩකඩක් ඇතත් එවිට සැදෙන පැපොල රෝගය බරපතලකමින් අඩුය.
            මෙම එන්නත ඉතාමත් ප්‍රතිඵල​ සහිත වන අතර අතුරුඅබාධ වලින් අඩුය.රජයේ රෝහල්වල මෙම එන්නත නොමැති අතර පෞද්ගලික රෝහල් මගින් ඔබට ඔබේ දරුවාට මෙම එන්නත ලබාගත හැක



           


Share on Google Plus

About suwasiri.lk

0 comments:

Post a Comment